Timeline

එච් ඩී ඩවුසන් ගුණසේකර මහතා විසින් පාසල ඉදිකිරීම සදහා රජයට පරිත්‍යාග කල ඉඩමක 1919 දී මෙම පාසල ඉදිවිය. මුල් කාලයේදී පිරිමි පාසලක් ලෙස පමණක් ආරම්භ කලද පසු කාලයේ මිශ්‍ර පාසලක් බවට පරිවර්තනය වී ඇත. 1919 සිට වර්තමානය තෙක් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය ආ ගමනේ සුවිශේෂි සන්ධිස්ථාන මෙහිදී දැකගත හැක.

1919

පිරිමි ශිෂ්‍යයින් සදහා ද්විභාෂා විදුහලක් ලෙස පාසල ආරම්භ වීම.
සේරම්, විජේමාන්න සහ සිල්වා මුල් ගුරුවරුන් ලෙස පත්වීම. G.P.M. ජයසේන මහතා විදුහල්පති තනතුරට පත් වීම.

1948

ජ්‍යේෂ්ඨ පාඨශාලා පංති සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් ආරම්භ වීම.

1956

අධ්‍යාපන මාධ්‍ය සිංහල බවට වෙනස් වීම.

1956

P.E.D. ලැනරෝල් මහතා විදුහල්පති තනතුරට පත් වීම.

1963

අ.පො.ස. සාමාන්‍ය පෙළ වාණිජ අංශය ආරම්භ වීම.
A.M.K. ධනසේකර මහතා විදුහල්පති තනතුරට පත් වීම.

1964

අ.පො.ස. උසස් පෙළ කලා අංශය ආරම්භ වීම.

1966

පාසලේ විද්‍යාගාරයක් ඉදිවීම.
එඩ්මන් ගුණසේකර මහතා විසින් ක්‍රීඩා පිටිය සදහා භූමියක් පරිත්‍යාග කිරිම.

1967

අ.පො.ස. සාමාන්‍ය පෙළ විද්‍යා අංශය ආරම්භ වීම.

1970

A.M. සුමනරත්න මහතා විදුහල්පති තනතුරට පත් වීම.

1971

N.S. පෙරේරා මහතා විදුහල්පති තනතුරට පත් වීම.

1973

අ.පො.ස. උසස් පෙළ වානිජ අංශය ආරම්භ වීම.

1989

අ.පො.ස. උසස් පෙළ විද්‍යා අංශය ආරම්භ වීම.

1999

B.M. තෙන්නකෝන් මහතා විදුහල්පති තනතුරට පත් වීම.

2002

වර්තමාන පාසල් ශ්‍රවනාගාරය ඉදිවීම.
B.M. මහින්ද විජේසිංහ මහතා විදුහල්පති තනතුරට පත් වීම.

2005

U.D. ඉරාන් චම්පික ද සිල්වා මහතා විදුහල්පති තනතුරට පත් වීම.