Admissions
2022 වර්ෂයේ 6/7 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
බෝමිරිය ජාතික පාසල - කඩුවෙල
2022 වර්ෂයේ 06/ 07 ශ්‍රේණි සඳහා අප විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2022-11-09 වන දින පෙ.ව. 8.30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම පන්ති සඳහා පහත පුරප්පාඩු පවතී,
6 ශ්‍රේණිය,
සිංහල මාධ්‍ය - 117
ඉංග්‍රීසි මාධ්‍ය - 23

7 ශ්‍රේණිය,
සිංහල මාධ්‍ය - 70
ඉංග්‍රීසි මාධ්‍ය - 19
*මෙතෙක් අයදුම්පත් යොමු කර නොමැති සිසුන් සඳහා ද සම්පූර්ණ කල අයදුම්පතක් සහ ශ්‍රේණියට අදාල පහත ලේඛන රැගෙන එදින සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය හැකි ය.
06 ශ්‍රේණියට අයදුම් කිරීමට රැගෙන ආ යුතු ලේඛණ,
  1. විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන ශිෂ්‍යත්ව විභාග ලකුණු ඇතුළත් සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 ක් (මෙම සහතිකය නොමැති නම් විදුහල්පති විසින් සහතික කරන ලද ශිෂ්‍යත්ව විභාග ලකුණු සහතිකයක් සහ එහි ඡායා පිටපතක්)
  2. උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
07 ශ්‍රේණියට අයදුම් කිරීමට රැගෙන ආ යුතු ලේඛණ,
  1. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ශිෂ්‍යත්ව ලකුණු සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත් 02 ක් (මෙම සහතිකය නොමැති නම් විදුහල්පති විසින් නිකුත් කරන ලද ශිෂ්‍යත්ව ලකුණු සහතිකය සහ ඡායා පිටපත් 02ක්)
  2. ශිෂ්‍ය නිපුණතා වාර්තා / සටහන්
  3. දැනට ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් නිකුත් කරනු ලැබූ චරිත සහතිකය හා එහි ඡායා පිටපතක්
  4. 2020 හෝ 2021 වර්ෂයේ පාසල් පාදක ඇගයීම් ලකුණු, වාර පරීක්ෂණ ලකුණු සහ ඒවායේ ඡායා පිටපත්
  5. විවිධ දක්ෂතා සදහා ලබා ඇති සහතික සහ ඡායා පිටපත්
  6. නම සදහන් කළ ෆයිල් කවර 01
  7. පදිංචිය සනාථ කිරීම සදහා ග්‍රාමසේවා නිලධාරී සහතිකයක් (එදිනට නොපැමිණෙන සිසුන් සඳහා පසුව දිනයන් ලබා නොදෙන බව දන්වා සිටිමි.)
* මව/පියා/භාරකරු ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න.
* මව/පියා/භාරකරු පාසලේ සහ තමන්ගේ ගරුත්වය රැකෙන විධිමත් විනීත ඇඳුමකින් සැරසී පැමිණීම අපේක්ෂා කෙරේ.